fbpx

‘ව්‍යවසාය විශිෂ්ටත්ව තරු’ සම්මාන උළෙලේදී ක්‍රිස්බ්‍රෝ ඇගයුම් ලබයි

March 2, 2021

Ranjana Mahindasiri Group HR Admin. Manager CRYSBRO Group of Companies receving the Star Award for Farms Pride Pvt. Ltd

ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන උළෙලේදී ඇගයුමට ලක් විය. මෙහිදී මධ්‍යම පළාතේ මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටතම සමාගමට හිමි තරු සම්මානය ක්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ෆාම්ස් ප්‍රයිඩ් පුද්ගලික සමාගම හිමිකර ගත් අතර මිඩ්ලන්ඩ් බී්‍රඩර්ස් පුද්ගලික සමාගම මෙම කාණ්ඩයේ කුසලතා සහතිකයෙන් පිදුම් ලැබීය.

කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන උළෙල පෙබරවාරි 12වන දින මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවති අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහභාගී විය. වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙල මධ්‍යම පළාත් ව්‍යවසායකයින් ජාතික තලයට හඳුන්වාදෙනු ලබන ප්‍රධානතම සම්මාන උළෙල ලෙස සැලකේ. ක්ෂේත්‍ර චාරිකා , සම්මුඛ පරීක්ෂණ සහ ඉදිරිපත් කිරීම් ඇතුළුව අවස්ථා ගණනාවකදී මේ සඳහා අයදුම් කරනු ලබන ව්‍යවසායකයින් දැඩි ඇගයුම් ක්‍රියාවලියකට ලක්කෙරේ. මෙහිදී සලකා බැලෙන නිර්ණායකයන් තුලින් සමාගමේ සමස්ත කාර්යසාධනය, මෙහෙයුම් ක්‍රියාවලිය සහ ව්‍යවසාය ජීවගුණය පිළිබඳව විමසා බැලේ.

Prasanna Sampath Withnage Business Unit Head of Midland Breeders Pvt. Ltd receving the Merit Award

“ක්‍රිස්බ්‍රෝ හි ව්‍යවසාය විශිෂ්ටත්වය සඳහා ඉහළ පිළිගැනීමක් සහිත රාජ්‍ය සම්මානයක් මෙබඳු අභියෝගාත්මක කාලයකදී හිමිකර ගැනීමට හැකි වීම පිළිබඳව අපි සැබවින්ම සතුටට පත් වන අතර මෙබඳු සම්මාන උළෙලයන් නියෝජනය කිරීම තුළින් සමාගමක් ලෙස ක්‍රිස්බ්‍රෝ විසින් පිළිපදින ජාත්‍යන්තර ප්‍රශස්ත පිළිවෙත් පිළිබඳව අවබෝධය වර්ධනය කිරීමට සහ මෙම ක්ෂේත්‍රයේ ගුණාත්මක නිෂ්පාදන ප්‍රමිතීන් ඉහළට ඔසවා තැබීම යන උදාර සංකල්පයන් ප්‍රවර්ධනය කිරීම අපගේ අභිප්‍රායයි. එමෙන්ම මෙම රාජ්‍ය ඇගයීම තුළ අපගේ සංවර්ධනය විය යුතු අංශ පිළිබඳව අවබෝධයක් ලැබීම සහ අප දැනට සිදුකරන කාර්යයෙහි විශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශස්ත මැනබැලීමක් සිදු වන බැවින් මෙම සාධක දෙක තුළින්ම ඉතා උසස් සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් පාරිභෝගිතයින් අතට පත් කිරීමට හැකියාව ලැබෙනවා. මෙම සම්මානය සියලු කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මත ලැබූ ජයග්‍රහනයක් බැවින් මෙම ජයග්‍රහනය සඳහා කැප වූ සියලු දෙනාට මාගේ ප්‍රණාමය පිරිනමන්නට කැමතියි. එමෙන්ම දිගු කාලයක් මුළුල්ලේ ක්‍රිස්බ්‍රෝ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගික ජනතාව වෙතද මාගේ ස්තුතිය පිරිනමනවා” යනුවෙන් ක්‍රිස්බ්‍රෝ ව්‍යාපාර සමූහයේ මානව සම්පත් හා පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ ලද දෙවැනි රාජ්‍ය සම්මානය මෙය වන අතර මීට පෙර මිනිස් බල සහ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කළ ලක් රැකියා හරසර සම්මානය හිමි කර ගැනීමටද ක්‍රිස්බ්‍රෝ සමත් විය.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට දායකත්වයක් දක්වන ක්‍රිස්බ්‍රෝ සමාගම මේ හරහා ග්‍රාමීය ආර්ථිකය බල ගැන්වීම සඳහා විවිධ සමාජ වගකීම් ප්‍රවේශයන් තුළින් සිය දායකත්වය ලබා දෙයි.

ක්‍රිස්බ්‍රෝ දිරි සවිය වැඩසටහන යටතේ බඩ ඉරිඟු සහ සහල් ගොවියන් 1200කට සහ කුඩා පරිමාණයේ කුකුළු ගොවිපළ හිමියන් 250දෙනෙකුට අවශ්‍ය තාක්ෂණික සහ යටිතල පහසුකම් ලබා දෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළ මිල ගනන් යටතේ සමාගම විසින් ම මිලදී ගනු ලබන බැවින් අතරමැදියන්ගෙන් ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට ද හැකිවේ.

ක්‍රිස්බ්‍රෝ සිසුදිරිය වැඩසටහන මගින් සෑම වසරකදීම සමාගමේ සේවය කරන සියලු සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්ට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ලබා දෙන අතර ප්‍රධාන තරග විභාගයන්ගෙන් ජයග්‍රහන ලබා ගන්නා දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමත් , විවිධ විෂය ධාරාවන් ඔස්සේ සරසවි අධ්‍යාපනය සහ වෘත්තීමය පුහුණුව නිම කළ තරුණ තරුණියන් සඳහා ක්‍රිස්බ්‍රෝ ආයතනය තුළ නිපුණතා පුහුණුව ලබා දීමත් සිදු කරයි.

මීට අමතරව ක්‍රිස්බ්‍රෝ සේවක දූදරු කුසලතා නැංවීමේ අරමුණෙන් වාර්ෂික චිත්‍ර තරග, වැඩමුළු සහ සමාගම මගින් සියලු ව්‍යාපාරික ස්ථාන ආවරණය වන අයුරින් පවත්වනු ලබන සංගීත සහ නර්තන තරගවලින් ජයගන්නා දූදරුවන් වෙත මූල්‍යමය දායකත්වයන් දැක්වීම මෙන්ම වාර්ෂික සම්මාන රාත්‍රියේදී එම හැකියාවන් එළිදැක්වීමට වේදිකාවක් ද නිර්මාණය කරයි.

මිට අමතරව ක්‍රිස්බ්‍රෝ සමාගමේ ව්‍යාපාරික ස්ථාන ආසන්නයේ පිහිටි පාසල් සඳහා පුස්තකාල බිහිකිරීමට අදාළ භෞතික සම්පත් ලබා දීම ද සිදු කෙරේ.

එමෙන්ම ක්‍රිස්බ්‍රෝ ප්‍රජා අරුණ වැඩසටහන ඔස්සේ සිය සේවකයින් සඳහා නව නිවාස 34ක් සහ තවත් නිවාස 80ක් පිළිසකර කිරීම ද සිදු කර ඇත. හරිත සත්කාර සහ සුව ශක්ති වැඩසටහන් මගින් පරිසරය රැක ගැනීම සහ මනා සෞඛ්‍යමත් බවක් පවත්වාගෙන යෑම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. ජාතික ඔලිම්පික් කමිටුවේ සහාය ඇතිව දියත් කෙරුණු  Crysbro’s ‘Next Champ’. ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ක්‍රීඩා කුසලතාවන්ගෙන් සපිරි ග්‍රාමිය දූදරුවන් ඔලිම්පික් වෙත රැගෙන යෑම සිදු කරයි.

වෙළෙඳපොල ප්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එකේ කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිනවීන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් පූර්ණ රේඛීය නිෂ්පාදන ක්‍රියාවලියකට අනුව (vertically-integrated) තම නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට (FARM TO FORK) යන සංකල්පය ක්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු‍ ගොවීන්ට, සෘජුව සහ වක්‍රාකාරව රැකියා සපයමින් ශ්‍රී ලාංකික රැකියා ක්ෂේත්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප්‍රතිලාභ උදා කර දී ඇත.

May we help you?

To find out more about our products and services, you can reach out to us via email, telephone, or social media. We are at your beck and call to deliver the best culinary experience.