fbpx

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂිත සහ පෝෂණ ගුණයෙන් සපිරි කුකුළු මස් නිෂ්පාදනය කි‍්‍රස්බ්‍රෝ

December 9, 2021

CC 7 scaled

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන කි‍්‍රස්බ්‍රෝ සමූහය තම නිෂ්පාදනයන් සඳහා ආහාර සුරක්ෂිතතාවයේ ඉහළ ප‍්‍රමිතීන් පවත්වා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති තත්ව පාලනයන් සහ නියාමන පිළිවෙත් අනුගමනය කිරීමට දැඩි ලෙස කැපවී ඇත.

ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සහ එහි වැදගත්කම පිළිබඳ ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් විවිධ පියවර රැුසක් ගෙන තිබේ. එබැවින් නිෂ්පාදන අදියරේ සිට පරිභෝජනය දක්වා ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනයන්හි රසය සහ ගුණාත්මකබව එලෙසෙම රැඳී තිබේ. මෙරට ප‍්‍රමුඛතම කුකුළුමස් නිෂ්පාදකයා ලෙස ක‍්‍රිස්බ්‍රෝ තම නිෂ්පාදනයන්ගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව එහි ආරම්භයේ සිටම අවධානයට ලක් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට WHO අනුව, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර ප‍්‍රධාන වශයෙන් බලපායි. හානිකර බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු අනාරක්ෂිත ආහාර පරිභෝජනය පාචනය සිට පිළිකා දක්වා රෝග 200කට අධික ප‍්‍රමාණයක් ඇති කරයි.

”කුකුළු මස් නිෂ්පාදනය කිරීමේදී ඇති විය හැකි නිෂ්පාදන ගැටලූ විශ්වීය වශයෙන් හඳුනාගෙන ඇති අතර, නිෂ්පාදනවල සම්පූර්ණ පෝෂණ අගය සහ නැවුම් බව රඳවා ගනිමින් දැඩි ආහාර සුරක්ෂිතතා මුල් ලේඛනය (Protocol) ප්‍රොටෝකෝල පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ කැපවීමක් සඳහා කි‍්‍රස්බ්‍රෝ වඩාත් ප‍්‍රසිද්ධියක් දරන බව මගේ අදහසයි ” යනුවෙන් කි‍්‍රස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අළෙවි කළමනාකාර අමොරේස් සෙලර් මහතා  සඳහන් කළේය.

ප‍්‍රමාණවත් පෝෂණ කොටස් සහ ඉහළ ප්‍රෝටීන් ප‍්‍රමාණයක් සහිත ශ‍්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ආහාර වේලෙහි කුකුළු මස් වර්තමානය වන විට පොදු පෝෂණ ප්රකභවයක් බවට පත් ව ඇත. ආරක්ෂිතව කුකුළු මස් නිෂ්පාදනය කිරීම කෙරෙහි කි‍්‍රස්බ්‍රො හි කැපවීම තුළින් පෝෂණීය, නැවුම් සහ රසවත් අවසන් නිෂ්පාදනයක් පාරිභෝගිකයන් අතට පත් කෙරේ.

සත්තව ආහාර සඳහා ප‍්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස බඩ ඉරි`ගු භාවිතා කිරීම තුළින් විශේෂයෙන් බඩ ඉරි`ගු ප්‍රෝ-විටමින් A කැරොටිනොයිඞ් වලින් පොහොසත් වන බැවින් ඒවා මිනිස් ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වූ පසු විටමින් A බවට පරිවර්තනය වේ. විටමින් A ශරීරයේ වර්ධනයට සහ ප‍්‍රතිශක්තිකරණ කි‍්‍රයාවලීන් සඳහා අත්‍යවශ්‍ය වේ.

මීට අමතරව, ආහාර විෂ වීමට සුලභව හේතු වන බැක්ටීරියාන් වන සැල්මොනෙල්ලා, ලිස්ටෙරියා සහ කැම්පිලොබැක්ටර් වැනි පොදු ආහාර මගින් බෝවන රෝග කාරක හඳුනාගැනීම සඳහා කි‍්‍රස්බ්‍රෝ විසින් PCR Polymerase Chain Reaction පද්ධතිය භාවිතා කිරීම සඳහා අති නවීන අණුක රසායනාගාර පහසුකම් සිය සැකසුම් කම්හලට හඳුන්වා දෙන ලදී.

ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන්, මෙම නව පහසුකම කි‍්‍රස්බ්‍රො හට සිය නිෂ්පාදන දාමය ඔස්සේ මෙහෙයුම් ඵලදායිතාවයට බාධා නොකර තම සතුන්ගේ සෞඛ්‍යය නිවැරදිව නිරීක්ෂණය කිරීමට සහ  ඕනෑම අවදානමක් කල්තියා තක්සේරු කිරීමට හැකියාව ලබා දී ඇත. අඛණ්ඩ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්ෂණවලට සමගාමීව සැකසූ මස්වල ආහාර මගින් බෝවන රෝග කාරක නොමැති බවට පරීක්ෂා කිරීමට ද සමාගමට හැකියාව ඇත.

මෙම ශක්තිමත් තාක්ෂණය පාරිභෝගිකයින් අතර බෙදා හරින ලද සැකසූ කුකුල් මස්වල ඇති විය හැකි සියලූම ජීව විද්‍යාත්මක අපද්‍රව්‍ය සහ රෝග කාරක කඩිනමින් පරීක්ෂාකර සහතික කිරීමේ හැකියාව ඇත. සෑම පියවරකටම සම්බන්ධ වන සියලූම කාර්යය මණ්ඩල සාමාජිකයින් අත්වැසුම්, මුහුණු ආවරණ, සනීපාරක්ෂාව සහ තවත් බොහෝ පුද්ගලික ආරක්ෂක උපකරණ වලින් සන්නද්ධව ඇත.

ක‍්‍රිස්බ්‍රෝ සිය ක‍්‍රියාවලීන්ට නව තාක්ෂණය සහ ආරක්ෂිත පියවරයන් හඳුන්වා දීමෙන්, මහජන සෞඛ්‍ය සුරක්ෂිත කරමින් ශ‍්‍රී ලංකාවේ කුකුළු මස් සහ බිත්තර සඳහා ඉහළ යන ඉල්ලූමට සක‍්‍රීයව ආමන්ත‍්‍රණය කරයි.

අණුක රසායනාගාර පහසුකම ELISA පරීක්ෂණ ක‍්‍රියා පටිපාටිවලින් සමන්විත වන අතර එය එන්නත් වල කාර්යක්ෂමතාවය සහ සාමාන්‍ය රෝග වලට එරෙහිව සතුන්ගේ ආරක්ෂාව තක්සේරු කිරීම සඳහා ගොවිපලවල භාවිතා කරන එන්නත් ක‍්‍රියා පටිපාටි ඇගයීමට ලක් කරයි.

ආහාර සුරක්ෂිතතාව සඳහා පමණක් නොව අන් සියළු නිෂ්පාදන අදියරයන් කෙරෙහිද කි‍්‍රස්බ්‍රෝ ආයතනයේ කැපවීම සහ අවධානය යොමු කිරීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර, කුකුලන් සදහා සියළුම සනීපාරක්ෂක හා ජෛව ආරක්ෂිත ප‍්‍රමිතීන් අනුගමනය කරයි. සමස්ත මෙහෙයුම් කටයුතු වලදී සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතාවයේ විෂමතාවන්ට ඉඩ නොතබන අතර, පැටව්, බො‍්‍රයිලර් ගොවිපල නඩත්තුව , නිෂ්පාදනය මෙන්ම සැකසීම සහ ප‍්‍රවාහනය දක්වාම කි‍්‍රස්බ්‍රෝ වඩාත් සැලකිලිමත් වෙයි.

ශ‍්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන ප‍්‍රමිතීන් ඉහළ නැංවීමේ සහ පවත්වාගෙන යාමේ ක‍්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ තවදුරටත් ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණය සඳහා ආයෝජනය කරනු ඇත.

Source : http://suratha.lk/sinhala/poultry-crysbro/

May we help you?

To find out more about our products and services, you can reach out to us via email, telephone, or social media. We are at your beck and call to deliver the best culinary experience.