fbpx

Crysbro වෙතින් නව කුකුළු මස් නිෂ්පාදන දෙකක්

December 9, 2021

Linkedin 2

මෙරට ප්‍රමුඛ පෙළේ කුකුළු මස් නිෂ්පාදන සමාගම වන Crysbro, අන්තර්ජාතික මට්ටමේ තත්ත්ව සහතිකයක් සඳහා වන කැපවීම වෙනුවෙන් මෙන්ම කර්මාන්තයේ ප්‍රමුඛතම රේඛීය නිෂ්පාදන ක්‍රියාවලියක නිරතව සිටින අතර, මෑතකදී නව කුකුළු මස් නිෂ්පාදන දෙකක් හඳුන්වා දෙන බව නිවේදනය කළේය. ආරම්භයේ සිට අවසානය දක්වා තත්ත්ව පාලනය සහතික කළ ගෘහස්ථ නිෂ්පාදනයක් වන Crysbroහි නව නිෂ්පාදන දෙක වන්නේ 12-කට් ‘ලේසි චිකන්‘ (Lesi Chicken) ඇසුරුම සහ කුකුළු මස්වල ශරීර අභ්‍යන්තර කොටස් ඉවත් කළ ‘ශීත කළ ග්‍රිලර් චිකන්‘ (Frozen Griller Chicken) ය. නව නිෂ්පාදන ද්විත්වයම ISO 9001:2015″ ISO 14001:2015″ ISO 22000:2018 සහ හලාල් සහතිකය සහිත Crysbro මඟින් උසස් තත්ත්වයේ කුකුළු නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත රැගෙන එන බව සහතික කරයි.

විශේෂයෙන් ආහාර පිසීමේදී ජනතාව අත්විඳින දෛනික දුෂ්කරතා අවබෝධ කර ගන්නා සමාගමක් ලෙස Crysbro සමාගම සෑම පුද්ගලයකුගේම කාර්යබහුල ජීවන රටාව තුළ පහසුව සහතික කිරීම වෙනුවෙන් කටයුතු කරයි. එහි කුකුළු මස් කොටස් ඇසුරුම් නිෂ්පාදන මාලාවක් ඇති අතර, Breast, Thigh, Legs, Winglets, Liver, Drumsticks, Gizzard සහ හෝම් පැක් ආදි වූ එම නිෂ්පාදන සියල්ල ඔබේ කැමැත්ත පරිදි ගත හැකිය. මෑතදී හඳුන්වා දුන් නිෂ්පාදන පිළිබඳ අදහස් දක්වමින් Crysbro ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු ආමෝස් සෙලර් මහතා “අපගේ නව කුකුළු මස් නිෂ්පාදන සෑම පාරිභෝගිකයකුගේම පෞද්ගලික මනාපයන්ට ගැළපෙන පරිදි නව්‍ය ලෙස නිෂ්පාදනය කර තිබෙනවා.”

Source : Dinamina

May we help you?

To find out more about our products and services, you can reach out to us via email, telephone, or social media. We are at your beck and call to deliver the best culinary experience.